පොලිසිය සඳහන් කළේ, දික්වැල්ල සිට බෙලිඅත්ත දෙසට ගමන් කළ පුද්ගලික බස් රථයක් සහ බෙලිඅත්ත සිට දික්වැල්ල දෙසට ධාවනය කළ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටි ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු තංගල්ල හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල් වෙත ඇතුළත් කර තිබේ.