පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද

by Staff writer 23-05-2025 | 8:16 AM

COLOMBO (News1st) - අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද(23) පැවැත්වේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්යෙන් පාර්ලිමේන්තුව ඒ සඳහා අද පෙරවරු 9.30 ට රැස්විමට නියමිතයි.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශොධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.