ආසන සංවිධායක ධුරයට සමුදුන් චමින්ද විජේසිරි

මන්ත්‍රී චමින්ද විජේසිරි සජබ බණ්ඩාරවෙළ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 23-05-2025 | 2:32 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙළ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිවුස් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බවයි.

ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව හෙට (24) දිනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී  හෙළි කරන බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ය.