.webp)
The Voice Sri Lanka Season 03 තරගය මාස 8කට ආසන්න කාලයක් පැවැත්වුණේ ගායන කුසලතාවයෙන් පිරිපුන් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ජාත්‍යන්තරයට ඔසවමින්.
අවසන් මහා රාත්‍රියට සිව් දෙනෙකු සුදුසුකම් ලැබුවේ සංගීතවේදීන් වන සුපුන් පෙරේරා , හිරුෂි ජයසේන ,රයිනි චාරුකා සහ මිහිඳු ආරියරත්නගේ පුහුණුකාරීත්වයෙනි .
Blind Auditions , The Battles, The Knockouts , The Super Knockouts මෙන්ම Live Shows ආදී ජාත්‍යන්තර ප්‍රමිතිගත තරග වට රැසක් අවසානයේදී දක්ෂයින් අතරින් සුදක්ෂයින් සිව්දෙනෙකු අවසාන මහා රාත්‍රියේදී තරග කිරීමට ජනතා පරමාධිපත්‍යයෙන් සුදුසුකම් ලබා සිටී.
The Biggest Show in Sri Lanka, The Voice Sri Lanka Season 03 අවසාන මහා රාත්‍රියේදී කෝච් රයිනි චාරුකාව නියෝජනය කරන්නේ අයිසැක් ටිමතියි.
The Voice Sri Lanka Season 03 අවසාන මහා රාත්‍රියේදී කෝච් සුපුන් නියෝජනය කරන්නේ ඉමේෂ් සංදීපයි.
කෝච් මිහිඳු ආරියරත්න නියෝජනය කරමින් රසිඳු මිහිසර The Voice Sri Lanka Season 03 අවසාන මහා රාත්‍රියේදී තරග කිරීට නියමිතයි.
කෝච් හිරුෂි නියෝජනය කරන්නේ ලිසාරා ප්‍රනාන්දුයි.
ශ්‍රී ලාංකේය වරලත් වැඩසටහන් ඉතිහාසයේ පෙර නොවූවිරූ තාක්ෂණික ප්‍රයෝග ඇතුළත් ජාත්‍යන්තර සජීවී වැඩසටහනක අත්දැකීම ඔබට තිළින කරන්නට රත්මලාන ස්ටයින් මැදිරී සංකීර්ණයේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.