.webp)
ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයසිංහ මහත්මිය ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමේ දිනයට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි, චෝදනා කරමින් එම නඩු ගොනු කර ඇත.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවට අයත්ව තිබූ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත්කරගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු කිරීමෙ චෝදනාව සම්බන්ධව සැකකාර චාමර සම්පත් දසනායක මහතා ඉකුත් මාර්තු මස 27 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුව පසුගිය අප්‍රේල් 8 වැනිදා, ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.