.webp)
ෆෝර්ඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපය, ඊට ඇතුළත්.
අමෙරිකානු දූපතක් වන ගුවාම් දූපත වෙත යවන ලද B-2 නම් රහසිගත බෝම්බ හෙලන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම සියලු ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් සාර්ථකව පිටත් වූ බව, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබේ.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා ඒ පිළිබඳ පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය, ඊශ්‍රායලයට සහ ලෝකයේ සෙසු රටවලට ඓතිහාසික මොහොතක් බවයි.
ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඉරානය යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බව, ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
මේ අතර අමෙරිකානු ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනි පසුගිය දිනක නිකුත් කළ ටෙලිග්‍රෑම් නිවේදනය යළි යාවත්කාලීන කර තිබේ.
ඉන් අමෙරිකාවට අනතුරු ඇඟවිම් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, අමෙරිකාව යුද්ධයට අවාසිදායක ලෙස අවතීර්ණ වී ඇති බවයි.
එමගින් සිදුවන හානිය ඉරානයට මුහුණ දීමට සිදුවන ඕනෑම හානියකට වඩා බෙහෙවින් විශාල වනු ඇතැයි, ඉරාන උත්තරීතර නායකයා ප්‍රකාශ කළේ ය.
ප්‍රහාරයෙන් අනතුරුව ඉරානය ප්‍රකාශ කළේ, අමෙරිකානු ප්‍රහාර එල්ල වී ඇත්තේ මීට පෙර එම භූමියෙන් ඉවත් කළ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට බවයි.