.webp)
නිර්ලජ්ජිත ලෙස අමෙරිකාව කළ ආක්‍රමණයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරානයට අයිතියක් ඇති බව අමීර් සයීඩ් ඉරාවානි අවධාරණය කළේ ය.
ඒ අනුව ඊට ඉරානය දක්වන ප්‍රතිචාරය සිය රටෙහි සන්නද්ධ හමුදාව විසින් තීරණය කරන බවද ඉරාවානි පැවසුවේ ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාව තවත් මිල අධික, පදනම් විරහිත යුද්ධයකට ඈදා ගත් බවත් , අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝණය කළ බවටත් ඉරාවානි සිය ප්‍රකාශයෙන් පෙන්වා දුන්නේ ය.
තම රට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇත්තේ ඊශ්‍රායලය බව ඉරාවානි සිය කතාවේදී ප්‍රකාශ කළේ ය.
මෙම ගැටුම්වලට අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ඉරාවානි පැවසුවේ ය.