බ්‍රැඩ්මන් වීරකෝන් මහතා, අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 07-07-2025 | 12:49 PM

COLOMBO (News1st) - මෙරට කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා, අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතාගේ වයස, අවුරුදු 95කි

1930 ඔක්තෝබර් 20 වැනිදා කොළඹදී උපන් ඔහු, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි.

ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අනතුරුව සිප්සතර හැදැරූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාල නමින් හැඳින්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන අතර
අග්‍රාමාත්‍යවරුන් 07 දෙනෙකු යටතේ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු ලෙස ඔහු කටයුතු කර තිබේ.