පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්

by Staff writer 09-07-2025 | 1:47 PM

COLOMBO (News1st) - මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටිබව විමර්ශනවලදී අනාවරණය වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(09) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ  පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමිනි

පාස්කු ප්‍රාහරයේ විමර්ශන පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා එම අනාවරණය කළේ ය.