ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි T20 තරගයේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි T20 තරගයේ ජය බංග්ලාදේශයට

by Staff writer 16-07-2025 | 10:28 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට  එරෙහි තුන් වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සංචාරක බංග්ලාදේශය කඩුලු  8කින් අද (14) ජය ගත්තේ ය.

තරගයේ කාසිය වාසියේ වාසිය මිහිකරගත් ශ්‍රී ලංකා නායක චරිත්  අසලංක  තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

පැතුම් නිස්සංසක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූ පැතුම්  නිස්සංක ලකුණු 46යි.

4 පහර 4ක් එම ඉනිමට ඇතුළත්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 21යි.

ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 6 ලකුණු 88කදී බිඳ වැටිණි.

දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ අතර, 8 වැනි කඩුල්ලේ නොබිඳුනු සබඳතාව ලකුණු 29යි.

ශොරිෆුල් ඉස්ලාම් යොමු කළ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 22ක් රැස් කිරීමට සමත් විය.

ඊට, දසුන් ශානක එල්ල කළ 4 පහර 2ක් සහ 6 පහර 2ක්ද ඇතුළත්.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7කට ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංග්ලාදේශය පන්දුවාර 16යි පන්දු 3කදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉල්ලකය පසු කිරීමට සමත් වූයේ තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගනිමිණි.

ඒ අනුව තරග 3කින් යුතු විස්සයි විස්ස තරගාවලිය තරග 2ට එකක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.