.webp)
නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේ සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය.
2006 වසරේ අප්‍රේල් මස 25 වැනිදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය හරහා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 27 ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.