.webp)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු විමසා තිබේ.
නිලධාරීන් පවසා ඇත්තේ මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස 31 වන දා දක්වා කාලය ලබා දී තිබේ.
ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ, ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.