ලංකාවට ආපු ලොවක් දන්න රෙගේ තරුව ඇල්ෆා බ්ලොන්ඩි..

ලංකාවට ආපු ලොවක් දන්න රෙගේ තරුව ඇල්ෆා බ්ලොන්ඩි..

by Staff writer 16-07-2025 | 9:34 PM

COLOMBO (News 1st) - ලෝක ප්‍රකට රෙගේ ගායන ශිල්පී ඇල්ෆා බ්ලොන්ඩි අද (16) මෙරටට පැමිණියේ, ඇල්ෆා බ්ලොන්ඩි ලයිව් ඉන් ශ්‍රී ලංකා ප්‍රසංගයට සහභාගී වීම සඳහායි.

ඔහුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

ඇල්ෆා බ්ලොන්ඩි
රෙගේ ගායක
''මේක තමයි මම ලංකාවට ආපු පළවෙනි වතාව. මම ලොකු සතුටකින් ඉන්නේ. මේ ආදරයට ස්තූතියි. මා එනතුරු මඟ බලා සිටියාට ස්තූතියි''

ජූලි 19 වැනි සෙනසුරාදා පස්වරු 07 ට කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

එහි මාධ්‍ය අනුග්‍රහය දරන්නේ, MBC මාධ්‍ය ජාලයේ YESFM ගුවන් විදුලියයි.