තායි - කාම්බෝජ සටන් විරාම සාකච්ඡා අද මැලේසියාවේදී

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද මලයාසියාවේ ක්වාලාලම්පූර්හිදී ආරම්භ වේ.

by Staff writer 28-07-2025 | 7:05 AM

COLOMBO (News 1st) - මලයාසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් පැවසුවේ, තායිලන්තය සහ කාම්බෝජය ඔවුන්ගේ දේශසීමා ගැටුමේදී තම රට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇති බවයි.

ඒ අනූව තායිලන්තයේ සහ කාම්බෝජ අගමැතිවරුන් අද(28) මලයාසියාවේ දී සාකච්ඡා කිරිමට නියමිතයි.

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(27)  පෙරවරුවේ සඳහන් කළේ ය.

ඔහු සදහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාද වලදී ඒ පිළිබද එකඟතාවකට පැමිණි බවයි.

කෙසේ වෙතත්,, දෙරටේම නායකයින් ඊට සිය කෘතඥතාව පලකර ඇති නමුත්,තායිලන්තය හමුදා මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොමැති බවට පවසා තිබුණි.

මේ වනවිට ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.