ඇල්ල බස් අනතුරේ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

by Staff writer 10-09-2025 | 10:22 AM

COLOMBO (News 1st) - ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ වරදට ඔහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය සිකුරාදා සිදුවූ එම බස් රථ අනතුරෙන් 15 කු මියගොස් එහි ගමන්ගත් 17 කු හා ඔවුන් බේරා ගැනීමට පැමිණි දෙදෙනෙකුද තුවාල ලැබීය.

ඉන් 12 කුම තංගල්ල නගර සභාවේ සේවකයින් වේ.

ඔවුන් විනෝද චාරිකාවක් යමින් සිටියදී එම අනතුර සිදුවූ අතර ඉන් බස් රථයේ රියදුරාද මියගියේය.

මේ අතර අනතුරට පත් බස් රථයේ සුන්බුන් ඊයේ(09) දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කළේ ය.

මෝටර් රථ කොමසාරිස් ජනාරල් කමල් අමරසිංහ මහතා පැවසුවේ, ඔවුන්ගේ වාර්තාව සතියක් ඇතුළත තමන් වෙත ලැබෙනු ඇති බවයි.