මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩ අරඹයි

පොලීසියට අලුතින් එක්වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් වැඩ අරඹයි,ආන්දෝලනාත්මක මූල්‍ය අපරාධ සිද්ධි 15ක් සම්බන්ධයෙන් විමර්ශන

by Staff writer 10-09-2025 | 10:03 AM

COLOMBO (News 1st) - ආන්දෝලනාත්මක මූල්‍ය අපරාධ හා නීති විරෝධී වත්කම් පිළිබඳ සිද්ධි 15 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පසුගියදා පිහිටුවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහායි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නව කාර්යංශයට පැමිණිලි සහිත ගොනු මේ වනවිට යොමු කිරීම ආරම්භ කර තිබේ.

නීති විරෝධි වාහන එකලස් කිරිමේ සිද්ධි කිහිපයකට අදාළවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මෙම සියලු පැමිණිලිවලට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි