නාඋයනේ අනතුරින් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙයි

නාඋයනේ අනතුරින් තුවාල ලැබූ තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙයි.

by Staff writer 28-09-2025 | 11:16 AM

COLOMBO (News1st) - මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

ඒ අනූව අනතුරින් මියගිය භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව, 8 කි.

බරපතල තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ නමක්, කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කර තිබේ.

තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.