පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට.

by Staff writer 28-09-2025 | 9:32 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය  කර කූඨ ලේඛන භාවිත කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බවට සැකකරන රුපියල් කෝටි 06කට අධික ජීප් රථ 03ක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.