වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට වුණදේ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට නීතිමය පියවර

by Staff writer 28-09-2025 | 5:50 PM

COLOMBO (News1st) - වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටලීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ, පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා එම වැටලීම් කළ බවයි.

එම වෙළඳසැල් හිමිකරුවන්ට එරෙහිව  නීතිමය පියවර ගන්නා බව ද එම අධිකාරිය පැවසුවේ ය.