by Staff writer 02-10-2025 | 6:49 PM
News1st (Colombo) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට(03) සිට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පසු, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරුවලින් සහ තද සුළං වලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.