දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 05-10-2025 | 8:37 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද(05) පස්වරු 1 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.

තද සුළං වලින් සහ අකුණු වලින් වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගයට ද, පැයට කිලෝමීටර 30 - 40ත් දක්වා ඉහළ යා හැකියි.