සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට සමාගම් 20ක්...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට විදෙස් සමාගම් 20 ක්, කැමැත්ත පළ කරයි.

by Staff writer 05-10-2025 | 8:20 AM

COLOMBO (News 1st) - සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රටවල් කිහිපයක සමාගම් 20 ක් කැමැත්ත පළ කර තිබේ.

ඒ, ඊට අදාළ අභිලාශ කැඳවීමේදීයී.

අමෙරිකාව, චීනය ,රුසියාව ,ඉන්දියාව, ජපානය ඇතුලු මැදපෙරදිග රටවල් වල සමාගම් 20 ක්, ඒ අතර වන බව, ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා මහතා සදහන් කළේ ය.