වර්ෂාව නිසා මෙක්සිකෝවේ පුද්ගලයින් 30ක් මිය යයි

අධික වර්ෂාව නිසා මෙක්සිකෝවේ පුද්ගලයින් 30දෙනෙකු මිය යයි - විදෙස් මාධ්‍ය

by Staff writer 11-10-2025 | 10:51 AM

COLOMBO (News 1st) - මෙක්සිකෝවේ අධික වර්ෂා හමුවේ පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

‍තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ හේතුවෙන් එරට නිවාස 1000ක් මෙන්ම පාසල් සිය ගණනක් ද බලපෑමට ලක්ව තිබේ.

බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම, පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය සඳහා සහන සේවක සේවකයින්, 400කට අධික පිරිසක් යොදවා ඇති  එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.