.webp)
COLOMBO (News 1st) - ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සාම සැලැස්මේ පළමු අදියරට එකග වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනපතිවරයා සිය ට්රූත් සොෂල් ගිණුමේ සටහනක් තබමින් සදහන් කලේ හමාස් සංවිධානය රඳවා සිටින ඊශ්‍රාලය ප්‍රාණ ඇපකරුවන් ඉක්මනින් නිදහස් කරනු ඇති බවය.
එමෙන්ම ඊශ්‍රායලය එකඟ වූ මට්ටමකින් ගාසා තීරයෙන් හමුදා ඉවත් කර ගැනීමද සිදුවනු ඇති බවත් එහි සදහන්.
ඊශ්‍රායලය හමාස් යුද්ධය ආරම්භ වී මේ වන විට වසර දෙකක් ඉක්මවයි.