ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන යෞවනයන් මිලියන 15ක්

ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන භාවිත කරන යෞවනයන් මිලියන 15ක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

by Staff writer 07-10-2025 | 3:13 PM

COLOMBO (News 1st) - ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි.

නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ තත්වය උද්ගත වී ඇත්තේ ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමගයි.

ගෝලීය දුම්කොළ භාවිතය 2024 වසර වන විට බිලියන 1.38 සිට බිලියන 1.2 දක්වා පහත වැටී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඒ අනුව එම කර්මාන්තයේ යෙදී සිටින්නන් ඊ-සිගරට් වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමුවී ඇති බවයි.