ඉක්වදෝර ජනපතිගේ මොටර් රථයට ගල් මුල් ප්‍රහාරයක්

ඉක්වදෝර ජනපතිගේ මොටර් රථයට ගල් මුල් ප්‍රහාරයක්

by Staff writer 08-10-2025 | 10:25 AM

COLOMBO (News 1st) - ඉක්වදෝර ජනපතිගේ ඩැනියෙල් නොබෝවාගේ මොටර් රථයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 500කට ආසන්න විරොධතාකරුවන් පිරිසක් ඔහුගේ මොටර් රථය වට කර එම ප්‍රහාර එල්ල කළ බවයි.

මීට දින 16කට පෙර එරට එම විරොධතා ආරම්භ වී තිබුණේ ඩීසල් සහනාධාර ඉවත් කිරීමට රජය ගත් තීරණයත් සමගයි.

ජනාධිපතිවරයා එරට කන්යාර් පළාතේ පැවති ජල පිරිපහදු කිරීම සහ අපද්‍රව්‍ය පිළිබඳ උත්සවයක් වෙත ගමන් කරමින් සිටයදී එම ප්‍රහාරයට මුහුණ දී තිබේ.

කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිඳූ හානියක් සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.