නායයෑම් පිළිබඳ දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇඟවීම්

උදෑසන 6න් අවසන්වූ පැය 24 තුළ මහනුවර මඩුගල්ල ප්‍රදේශයට 172mm ක වර්ෂාපතනයක්..

by Staff writer 14-10-2025 | 9:55 AM

COLOMBO (News 1st) -  අද උදෑසන 6න් අවසන්වූ පැය 24 තුළ මහනුවර මඩුගල්ල ප්‍රදේශයට 172mmක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මහනුවර නුගේතැන්නට මිලිමීටර් 134 ක්ද කෑගල්ල මොරොන්තොටට මිලිමීටර් 11ක වර්ෂාපතනයක්ද ලැබී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.

රත්නපුර එල්ලාවලට මිලිමීටර් 113 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 7ක ප්‍රදේශ කිහිපයකට නායයැම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ අවධානයෙන් සිටිමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසය.