මැඩගස්කරයේ පාලනය හමුදාව යටතට

මැඩගස්කරයේ පාලනය හමුදාව යටතට

by Staff writer 15-10-2025 | 10:21 AM

COLOMBO (News1st) - මැඩගස්කරයේ පාලනය හමුදාව යටතට ගෙන තිබේ.

ඒ එරට පවතින විරෝධතා හේතුවෙන් මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජලීනා රටෙන් පිටව ගොස් තිබෙන පසුබිමකයි.

මැඩගස්කරයේ හමුදාව විසින් රජයක් පිහිටුවන බව සහ වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බව එරට හමුදාවේ කැප්සට් විශේෂ බලකායේ ප්‍රධානියා පැවසයි.

පසුගිය 25 වැනිදා මැඩගස්කර තරුණයින්, විදුලිය සහ ජල කප්පාදු වලට විරෝධය පළකරමින්,, රජයට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළ අතර ඒ එරට ජනාධිපති ඇන්ඩ්‍රි රැජලීනාට ධුරයෙන් ඉල්ලා අස්වැන්නයි බල කරමින්.

තම ජීවිත ආරක්ෂා කර ගැනිමේ අරමුණින් තමන් ආරක්ෂිත ස්ථානයකට ගිය බව ෆෙස්බුක් ඔස්සේ සටහනක් තබමින් පසුව ඔහු පවසා තිබුණි.

ඔහුගේ පිටව යාමෙන් අනතුරුව මැඩගස්කර සෙනෙට් සභාව විසින්  ඔහු සිය ධූරයෙන් ඉවත් කර ඇති බව නිවේදනය කළේ ය.