.webp)
COLOMBO (News 1st) - ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වායුගෝලයේ ඉහළම කාබන් ඩයොක්සයිඩ් මට්ටම් 2024 වසරේදී වාර්තා වී තිබේ.
සිය නවතම වාර්තාව නිකුත් කරමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ බව අනාවරණය කළේ ය.
කාර්මීකරණයට පෙර දත්ත හා සංසදනය කිරීමේදී, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 52%කින් ඉහළ ගොස් ඇතැයි අදාල වාර්තාවේ දැක්වේ.
පසුගිය වසර තුළ පමණක් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම, "අණු මිලියනයකට, කොටස් 3යි දශම 5කින්" ඉහළ ගොස් තිබේ.
සාමාන්‍යයෙන් ලෝකයේ කාබන් විමෝචනයෙන් සියයට 50ක් පමණ, වනාන්තර, ගොඩබිම් සහ සාගර විසින් අවශෝෂණය කර ගැනීම සිදු වේ.
කෙසේ නමුත්, වන විනාශය, ෆොසිල ඉන්ධන දහනය සහ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ හැකියාව පහළ යමින් ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.