.webp)
ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 03.00 ට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
මේ අතර , එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 4කින් ජය ගනිමින් ය.
ඉන්දියාවේ ඉන්දෝර්හිදි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 288කි.
හෙදර් නයිට් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තුන්වැනි ශතකය රැස් කළේ ය.
ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 284ක් පමණයි.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.