.webp)

ඒ, හෙට(26) පීඩන අවපාතයක් දක්වා එය වර්ධනය වීමෙන් අනතුරුවයි.
27 වැනිදායින් පසු එළඹෙන පැය 48 තුළ එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් බෙංගාල බොක්ක සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
මේ වන විට එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවරයින්, ඉන් ඉවත් විය යුතු අතර සෙසු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවරයින් ද, ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද(25) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර නෑබඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 121 කි.
මතුගම වෝගන් වතුයායට මිලිමීටර් 111ක සහ මාදම්පේ ප්‍රදේශයට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත්, පැයට කිලෝමීටර 40 - 50ක් පමණ තද සුළං ඇති විය හැකියි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
