.webp)
-602450.jpg)
විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් එච් පී නිරෝෂන් මහතාගේ සේවා කාලය, වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය අවලංගු කර තිබේ.
ඒ, විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ය.
බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදෙස්ගතව සිටියදී එම සේවා දිගුව ලබාදීමේ ලිපිය නිකුත් කර ඇති බවයි.
එවැනි අනුමැතියක් ලබාදී නොතිබීම හේතුවෙන් පත්වීම් දීර්ඝ කිරීම අවලංගු කරන්නැයි කුමාර ජයකොඩි මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
