ජගත් විතානට මරණ තර්ජන?

ජගත් විතානට මරණ තර්ජන එල්ලවීම ගැන සොයා බලන්නැයි මහජන ආරක්ෂක ඇමතිගෙන්, පොලිස්පතිට උපදෙස්.

by Staff writer 26-10-2025 | 11:09 AM

COLOMBO (News1st) -  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැටලුව පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ, පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි පියවර ගනු ඇති බවයි.

තමාට මරණ තර්ජන පවතින බව, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ජගත් විතාන මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.