ඉන්ධන මිල සංශෝධනය කෙරේ - ලංකා ඛණිජ තෙල් සංස්ථාව

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ - ලංකා ඛණිජ තෙල් සංස්ථාව

by Staff writer 01-11-2025 | 9:08 AM

COLOMBO (News 1st) - ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 5 කිනි.

එහි නව මිල, රුපියල් 294 ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ, රුපියල් 318 ක් ලෙසය.

සෙසු ඉන්ධන වර්ග වල මිල සංශෝධනය කර නැත.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මිළ ගණන්වලට සමානව ඉන්ධන මිළ ගණන් සංශෝධනය කර ඇතැයි ලංකා අයි.ඕ.සී.සහ සිනොපැක් සමාගම් සඳහන් කරන ලදි.