දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2% කින් ඉහළට

වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2% කින් ඉහළට - ශ්‍රී ලංකා මහ බැංකුව

by Staff writer 01-11-2025 | 9:37 AM

COLOMBO (News 1st) - වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනු ලබයි.

ඒ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂවය.

මේ වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය  ආශ්‍රිත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙස සටහන් වේ.

පසුගිය වසරේ එය දැක්වුනේ අමෙරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙසය.