.webp)
-603157.jpg)
COLOMBO (News 1st) - ශ්රී ලංකා-රුසියානු මිත්රත්ව සංගමයේ මහලේකම්, ආචාර්ය සමන් වීරසිංහ මහතා, කීර්තිමත් සිවිල් පුද්ගලයින්ට පිරිනමන රුසියානු ගෞරව සම්මානයක් වන, "Order of Friendship" සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ ඊයේ (04) දිනයට යෙදුනු රුසියාවේ "ජාතික එක්සත් දින" සැමරුම් උත්සවය අතරතුරදීය.
ආචාර්ය සමන් වීරසිංහ මහතාට සම්මාන පදක්කම පැලදවුයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් විසිනි.
රුසියානු - ශ්රී ලංකා සංස්කෘතික සහ මානුෂීය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන්, ආචාර්ය සමන් වීරසිංහ මහතා විශාල දායකත්වයක් ලබා දෙන බව උත්සවය අමතමින් රුසියානු ජනාධිපතිවරයා සඳහක් කළේ ය.
ගෞරව සම්මානය ලබාදීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ, ආචාර්ය සමන් වීරසිංහ මහතා, ඉදිරියේදීත් දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමට කැපවන බව සදහන් කරන ලදි.
