යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ඇරඹේ...

යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ඇරඹේ...

by Staff writer 06-11-2025 | 10:45 AM

යාය 500 විශේෂ කෘෂිකර්මික වැඩසහන, කෘෂිකර්ම අමත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ , 2028 දි සහල් නිශ්පාදනය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් ය.

කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  බී. එම්. ඒ. පී. බස්නායක මහතා සඳහන් කලේ අනුරාධපුර, පොලොන්නරුව සහ උතුරු පළාත ආවරණය කරගනිමින් එය ක්‍රියාත්මක බවයි.

සෙසු ප්‍රදේශ සඳහා මහ කන්නයේ වාරි ක්‍රම සැකසී ඇති ආකාරය අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

ගොවීන්ගේ අස්වනු  වැඩි කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දිම සිදුවනු ඇත.

මේ වන විට මෙරට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3 දශම 65 කි.

එය  2028 වසර වන විට හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් 4 දශම 80 ක් දක්වා වැඩි කිරිමට මෙමඟින් අපේක්ෂා කරයි.