.webp)

COLOMBO (News 1st) - 2026 වර්ෂය සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි අයවැය එයයි.
මෙරට 80 වැනි අයවැය ලෙස එය හෙට පස්වරු 1.30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2026 වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 4,434ක්.
විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක්.
ආරක්ෂක අමාත්‍යාංශය සදහා රුපියල් බිලියන 455 ක් වෙන් කර ඇති අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහා රුපියල් බිලියන 554ක් වෙන් කර තිබේ.
2026 අය වැය විසර්ජන පනත් කෙටුම්පතෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 301 ක්.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අනිද්දා සිට 14 වැනි සිකුරාදා දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතය.
අනතුරුව ලබන 14 වැනිදා ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
2026 වසර සඳහා වන අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා සෙනසුරාදා දින 3ක් ද ඇතුළුව දින17ක් පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා සවස 6.00ට පැවැත්වේ.
මේ අතර, 2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපති අනුර කුමාර දිසානායක මහතා නිරීක්ෂණය කර තිබේ.
