අයවැයෙන් රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණ කටයුතු වෙනුවෙන් රු. මිලියන 25,500 ක්

by Staff writer 07-11-2025 | 3:05 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණ කටයුතු වෙනුවෙන් රු. මිලියන 25,500 ක් වෙන් කෙරේ. රාජ්‍ය ආයතන සදහා සිදුකරන ඩිජිටල් ගෙවීම් සදහා සේවා ගාස්තු අය නොකෙරෙන අතර පළමු ඩිජිටල් හැඳුනුම්පත ලබන මාර්තු මාසයේ.

ඩිජිටල් ආර්ථික සංර්වධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආථික වර්වධනයට සහ ගෝලීය තරඟකාරීත්වයට තීරණාත්මක මාවතකි. සංර්වධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 වසරේ රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමඟ, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිර්වතනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබේ. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදනහිතකාමී පරිසරයන් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයයි. 
රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති
කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා ඩිජිටල්කරණය කිරීම, GovTech ආයතනය පිහිටුවීම වැනිව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබේ. එය අපේ ඩිජිටල්
පරිර්වතනයේ විශාල පියවරක්. ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාථකව ලබා දීම වැනි කායයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත්
ශක්තිමත් පියවරක් වේ. සෑම පුරවැසියෙකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝබ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්කෂණය කර ගනිමින් අළුත් ව්‍යවසායකයන්ට සහායදක්වන සුදුසු වටාපිටාවක් සකස් කරමින් සිටී.

ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි
ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Intefece) සඳහා මෘදුකාංග නිමාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථීකයක් ගොඩනැඟීමේ තීරණාත්මක ක්‍රියාමාග රැසක් ආරම්භ කර
තිබෙනවා. 2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ. 2026 වසරේ 3 වන කාතුවේ දී පළමු
ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරයි.