අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද..

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද..

by Staff writer 10-11-2025 | 9:27 AM

COLOMBO(News1st) -අයවැය දෙවැනිවර කියැවිමේ විවාදය ලබන 14 වැනිදා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතයව තිබේ.

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන 14 වැනිදා පස්වරු 6 ට පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා සිට ‍දෙසැම්බර් 5 දක්වා දින 17ක් පැවැත්වෙයි.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇති.

2026 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

මෙය නව රජයේ දෙවන අයවැය වන අතර නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැයයි.