අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 2වැනි දිනය අද

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද..

by Staff writer 17-11-2025 | 7:53 AM

COLOMBO (News 1st) - ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය අද (17) පැවැත්වේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන මස පස්වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

2026 අයවැය දෙවන වර කියවීම පසුගිය සිකුරාදා වැඩි ඡන්ද 118 කින් සම්මත වුණි.

වතුකම්කරු වැටුප් වැඩි කිරීමේ අයවැය යෝජනාවට සහය දක්වමින් සමගි ජනබලවේගයේ හවුල්කාර පාර්ශ්වයක්වූ මනෝ ගනේෂන් මහතා ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා පසුගිය සිකුරාදා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

විපක්ෂයේ සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතාද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

2026 අයවැය පසුගිය 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.