උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කෙරේ.

උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කෙරේ.

by Staff writer 22-11-2025 | 7:37 AM

COLOMBO(News1st) - උඩරට මාර්ගයේ අද(22) ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ කොටුවෙන් අද පෙරවරු 9.45ට ගමන් ආරම්භ කරන දුම්රිය හා බදුල්ලෙන් අද පෙරවරු 10.20ට කොළඹ බලා ධාවනය වන දුම්රිය එලෙස අවලංගු කර ඇති බවයි.

මේ අතර ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාලවී තිබූ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.