COLOMBO(News1st) - ජල ගැලීම් හේතුවෙන් ප්‍රවාහන අපහසුතා පැන නැගී ඇති උසස් පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජල ගැලීම් හේතුවෙන් යම් ප්‍රවාහන ගැටලුවක් ඇත්නම්, ඒ පිළිබඳ 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.