අපිට අවශ්‍ය පොඩි අතදීමක් විතරයි - ශෙවාන් ඩැනියල්

''අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පොඩිම පොඩි අතදීමක් විතරයි'' සජීව BBC වැඩසටහනකට එක් වූ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී ශෙවාන් ඩැනියල්

by Staff writer 06-12-2025 | 10:22 AM

COLOMBO (News 1st) - ව්‍යසනයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවට අවශ්‍ය පොඩි අතදීමක් විතරයි, සජීව BBC වැඩසටහනකට එක් වෙමින් පැහැදිලි කිරීමක්!

“අධිශ්ඨානශීලි ජනතාවක් හරහා අපේ රට නැගිටින්න උත්සාහ කරනවා.අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පොඩිම පොඩි අතදීමක් විතරයි.” ශෙවාන් ඩැනියල්…

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණදුන් දරුණුම ව්‍යසනය සහ ආපදා තත්ත්වයට ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන ආකාරය පිළිබඳව ඊයේ දිනයේ සජීව BBC වැඩසටහනකදී පැහැදිලි කෙරිණි.

ඒ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී ශෙවාන් ඩැනියල් සමඟ BBCහි ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක බෙන් බ්‍රවුන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
මෙම සජීව රූපවාහිනී සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයින් එළැඹ ඇති අභියෝගය, එය ජයගැනීමට දරන උත්සාහයත් සහ ජාත්‍යන්තරයෙන් ලැබිය යුතු සහයත් එහිදී අවධාරණ කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ ශෙවාන් ඩැනියල් මහතා,
"මේ වෙලාවේ අපි මතක තියා ගන්න ඕනේ, ශ්‍රී ලංකාව දශක ගණනාවක් දූෂණයෙන් හෙම්බත් වෙච්ච රටක්. අපි රටක්, ජාතියක් හැටියට නැගිටින්න හදන අවස්ථාවක තමයි මේ ව්‍යයසනය ඇවිත් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ලෝකය අපිට උදව් කළ යුතුයි.ශක්තිමත්, ස්ථාවර කඩිනම් රාජ්‍ය ප්‍රතිචාරයක් සහ ඉතාමත්ම අධිශ්ඨානශීලි ජනතාවක් හරහා අපේ රට නැගිටින්න උත්සාහ කරනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පොඩිම පොඩි අතදීමක් විතරයි. 
ස්ථාවර සහ සංවර්ධිත ලංකාවක් මුළු ලෝකයටම සම්පතක්...ඒ නිසා අපේ ආයාචනය, මේ මොහොතේ කඩිසරව අධිශ්ඨානශීලිව නැගිටින්න උත්සාහ කරන ශ්‍රී ලංකාවට අත දෙන්න. එය එසේ කළ යුත්තේ අපි ගැන දුක හිතිලා නෙමේ, අපේ රටේ ජනතාව පිළිබඳව ප්‍රගතිශීලී අපේක්ෂාවන් තිබෙන නිසා..."