ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්!.

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්!.

by Staff writer 06-12-2025 | 5:27 PM

COLOMBO(News1st) - බස්නාහිර , සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට අද(06) රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. (17.00PM)

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන  තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවට දැනුම් දී තිබේ.

මේ අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑමෙන් උතුරු , උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.