ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල ශූරයා විරේන්

විරේන් නෙත්තසිංහ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගනී...

by Staff writer 25-12-2025 | 10:06 AM

COLOMBO (News1st) - විරේන් නෙත්තසිංහ මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගත්තේ ය.

ඒ රසිඳු හෙන්දහේවා සමග පැවති අවසන් තරගය ජය ගනිමිනි.

තුන් වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් කාන්තා කේවල ශූරතාව දිනා ගත්තේ රනිත්මා ලියනගේ.

ඒ අවසන් තරගයේදී රශ්මි මුදලිගේ පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් තරග පැවැත්වුණේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.