.webp)

COLOMBO (News 1st) - දිවයිනට බලපාන තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑමෙන් හෙට (29) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ආපදා කලමනාකරණ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනට බලපාන තරංගාකාර සුළං ප්‍රවාහය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිලිබඳව ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසය.
ඇති විය හැකි ආපදා තත්ත්වයන් වලට මුහුණ දීම සදහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානම් කර ඇතැයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ය.
මේ අතර, අදත් උතුරු, උතුරු මැද ,නැගෙනහිර ,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.
සබරගමුව පළාතේත්, ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් , පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු ,උතුරු මැද සහ ,වයඹ පළාත් වලත් හම්බන්තොට ,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
