කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට..

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කටුණායකදී අත්අඩංගුවට..

by Staff writer 30-12-2025 | 10:30 AM

COLOMBO (News 1st) - කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කටුණායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී වැටලීමක් සිදු කර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 684 ක් ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 27 හා 29 ක් වන ඔරුගොඩවත්ත හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් වයස අවුරුදු 27 හා 39 ක් වන බොරැල්ල හා ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.