රටට සෙත්පතා ආගමික වැඩසටහනක් නිදහස් චතුරශ්‍රයේදී

රටට ආශිර්වාද කරමින්, පහන් දැල්වීම නිදහස් චතුරශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා ස්ථාන රැසකදී ඇරඹේ..

by Staff writer 01-01-2026 | 8:20 PM

COLOMBO(News1st) - 2026 වසරට ආශිර්වාද පිණිස සිරස මාධ්‍ය ජාලය සංවිධානය කෙරුණු විශේෂ ආගමික වැඩසටහනේ පහන් දැල්වීම අද පෙරවරු 7.30 ට ආරම්භ විය.

ඒ කොළඹ නිදහස් නිදහස් චතුරශ්‍රය ඇතුළු ස්ථාන රැසක් කෙන්ද්‍ර කරගනිමින් ය.

භික්ෂූන් වහන්සේ සියක් නමකගේ වැඩමවීමෙන් එම කටයුතු සිදු කෙරුණි.

කැපිටල් මහරාජා සමූහයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු ගිහි පිරිස් ද එම අවස්ථාවට සහභාගී වීමට විය.

රට පුරා ස්ථාන රැසකදී රටට ආශිර්වාද පතා සිදු කළ එම පහන් පූජාවට නිවසේ සහ ආගමික ස්ථානවල ජනතාව එකතු වීම විශේෂත්වයකි.

මේ අතර, භික්ෂූන් වහන්සේ සියක් නමක් වැඩම කර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද අද පැවැත්වෙන්නේ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි.

එම අවස්ථාව සිරස ටීවී, සිරස එෆ් එම්, ටීවි 01 සහ සිරස මාධ්‍ය ජාලයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
හෙට උදෑසන භික්ෂූන් වහන්සේ 150 නමක් විෂයෙහි දානය පිළිගැන්වීමට නියමිතයි.