මතුගම SJB සභාපතිවරයා ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ්

ලේකම්වරියගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව අත්අඩංගුවට ගත් මතුගම SJB සභාපතිවරයා ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ්

by Staff writer 02-01-2026 | 6:33 PM

COLOMBO(News1st) - සමගි ජනබලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද(02) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද යළි අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ලේකම්වරියගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මතයි.